Friday, August 17, 2012

මොකද උනේ?

  තැටිය රත් වූ වෙලාවේ රොටියක් පුච්චමි..
 
 
  
  • කබ්බෝ සෙට් එක සැරටම දැගලුවේය.
  • මඩ බාල්දි පිටින් විසිවිය.
  • ගෘප් එකකුත් සාදන ලදී. 
බ්ලොග් ලියන කබ්බෝ

බ්ලොග් කරණයට පරිනතයයි කියා ගන්නා අයවලුන් විසින් කබ්බන් යයි හදුන්වනු ලැබුවන්ගේ සංසදය ....
 
මෙම ගෘප් එක පිහිටුවීමේ ප්‍රධාන...අරමුණු
 
          1) නවක බ්ලොග්කරුවන් දිරිමත් කිරීම
2) බ්ලොග් කරුවන් අතර සුහදතාවය වර්ධනය කිරීම .
3) බ්ලොග්කරුවන්ගේ අනන්‍යතාවය වෙනුවෙන් බ්ලොග් අවකාශය තුල පෙනී සිටීම
4) බ්ලොග් අවකාශය වෙනුවෙන් පොදු කටයුතු සදහා පෙළගැසීම
 
  • ආරක්ෂාව පිලිබඳ ප්‍රශ්න ඇතිවිය.
  • ගෙදර ගිනි පිට ගියේය.
  • ඉන්න සියලුම කබ්බන් එලවා දමන ලදී. 
  • ආරක්ෂාව තහවුරු කරන ලද බව දැනගන්නට ලැබුණි.(කබ්බා ගෘප් එකට එක වන්නට පෙර)
  • ආරක්ෂාව විවාහ වන්නටද පෙර,ගර්භනී ලකුණුද නොපෙන්වා දරුවකු ප්‍රසුත කරන ලදී.(නැවතත් සවුත්තු විය)
  • ගෘප් එක නැවත ඕනෑම කෙනෙකුට ඇතුළුවීමට හැකි පරිදි කටයුතු සලස්වන ලදී.
  • ආතල් උපන්ගෙයිම මියදුනේය.
 
ඇත්තටම සිදු වුයේ මෙයද ?
 
නැත කිසිසේත්ම නැත.කබ්බන්ගේ ආතල් කබ්බන් ගනිමින් සිටී.සැඟවී පහර දීමෙන් කිසිදු තෘප්තියක් ලබාගත නොහැක.දැන් පහර දෙන්නේ එලිපිටය.එවිට සමහර අයියලාට පින්තුර උපුටා දක්වා ආතල්  ගැනීමට නොහැකිය.

Sunday, August 12, 2012

අළුපාට හැන්දෑව මොන පාටද අයියා ?

කබ්බා සෑමවිටම නැගී  සිටින්නේ  අසදාරණයට එරෙහිවය.කබ්බ නිසා යමෙකුට සිත් අමනාපයක් ඇතිවේනම් එය නිරාකරණය කිරීම කබ්බගේ යුතුකම සේම වග කීමද වේ.විශේෂයෙන්ම තමන් පරිනත යයි කියා ගන්න සමහරකගේ නිසිකල් නොපිරී මෙලොව එලිය දුටු හැසිරීම් වලින් මාහැඟි බ්ලොග් කරුවන් බේරා ගැනීම උදෙසා ඉදිරිපත් වීමට කබ්බා දෙවරක් සිතන්නේද  නැත.