Tuesday, October 2, 2012

buzz සම්මාන ප්‍රෝඩාව

යකා කියන තරම් කළු නැත.උළෙල පැවතුනි.චන්ද ප්‍රතිපල ඇසුවා හා සමානය.නමට පමණක් සම්මාන ලබාදී ඇත.කබ්බාට සිතුනේම සම්මාන නාමයෙන් රේඩියෝව විසින් බ්ලොග් කරුවන් කඩේ යැව්වා වැනි සිතුවිල්ලකි.උදාහරණයක් ලෙස රේඩියෝවේ බැනරයක් අයදුම් කරන ලද සෑම බ්ලොග් අඩවියකම එල්ලන ලදී.එමගින් ඔවුන් තමන්ගේ වෙබ් අඩවියට ඇති ට්‍රැෆික් ප්‍රමානය වැඩි කර ගත් අතර බොහෝවිට දැන් එම වෙබ් අඩවිය බොහෝ දර්ශක වල ඉහල තැනකට පැමිණ ඇතුවාට සැක  නැත.වෙබ් අඩවියකට දර්ශක වල  ඉහල ට්‍රැෆික් අගයක් තිබීම යනු එම අඩවියෙන් මුදල් ඉපයීම සඳහා තිබිය යුතු ඉහලම සුදුසුකම බව බ්ලොග් කරුවෙක් කබ්බා සමග පවසන ලදී .