Tuesday, October 2, 2012

buzz සම්මාන ප්‍රෝඩාව

යකා කියන තරම් කළු නැත.උළෙල පැවතුනි.චන්ද ප්‍රතිපල ඇසුවා හා සමානය.නමට පමණක් සම්මාන ලබාදී ඇත.කබ්බාට සිතුනේම සම්මාන නාමයෙන් රේඩියෝව විසින් බ්ලොග් කරුවන් කඩේ යැව්වා වැනි සිතුවිල්ලකි.උදාහරණයක් ලෙස රේඩියෝවේ බැනරයක් අයදුම් කරන ලද සෑම බ්ලොග් අඩවියකම එල්ලන ලදී.එමගින් ඔවුන් තමන්ගේ වෙබ් අඩවියට ඇති ට්‍රැෆික් ප්‍රමානය වැඩි කර ගත් අතර බොහෝවිට දැන් එම වෙබ් අඩවිය බොහෝ දර්ශක වල ඉහල තැනකට පැමිණ ඇතුවාට සැක  නැත.වෙබ් අඩවියකට දර්ශක වල  ඉහල ට්‍රැෆික් අගයක් තිබීම යනු එම අඩවියෙන් මුදල් ඉපයීම සඳහා තිබිය යුතු ඉහලම සුදුසුකම බව බ්ලොග් කරුවෙක් කබ්බා සමග පවසන ලදී .


මෙම ලිපිය තැටිය රත් වීමට පෙරත් ,

මෙම ලිපි තැටිය රත් වූ විට පුච්චන ලද ඒවාය.

එහෙත්...එහෙත් ප්‍රශ්නය ගැන දෙපැත්තෙන්ම විමසන විට නැවතත් යකා කියන තරම් කළු නැත.
  • සම්මාන නමින් බ්ලොග් කරුවන් රවටන ලදී.
  • සම්මාන උළෙල ආරම්භයේදී අපේක්ෂා කල තරම් අනුග්‍රාහකයන් සොයා ගැනීමට සංවිධායක මණ්ඩලයට නොහැකි වන්නට ඇත.එහෙත් ඔවුන් තමන් මත විශ්වාසය තබා සිටි බ්ලොග්කරුවන් වෙත ගැටළු මැද උවද උළෙලක් ලබා දුනි.
  •  
    කබ්බා ගේ ප්‍රශ්නය නම් ඉහත කරුණු දෙකෙන් කුමක් නම් සත්‍ය වේද?

    18 comments:

    1. මා අයදුම් නොකළා නම් ලියමි.. සාධාරණත්වය වෙනුවෙන්..

      ජය ලැබු සැමට සුභ පැතුම් !

      ReplyDelete
    2. මේ දෙකම වෙන්න පුළුවන් නේද?

      මම මේ ගැන මගේ අදහස ප්‍රකාශ කරලා තියන නිසා තව කිව්වත් ඉතින් එච්චර තමයි.

      ReplyDelete
    3. 75%ක් වගේ රැවටීම තමයි! බ්ලොග් ලියන අයට හෙණ ගැහුවත් කමක් නෑ කියල තමන්ගෙ මඩිය තර කරගන්න එක තමයි එයාලගෙ ප්‍රධාන අරමුණ වුණේ.

      ReplyDelete
    4. මමත් අයදුම් කලේ නෑ..ඒත් ෆොටෝ එකක් නම් දැම්මා,,
      ඔය තරඟ වල සාධාරණ අසාධාරණ දෙපැත්තම තියනවනේ,වැඩි යමක් කියන්න මම ඒ ගැන උනන්දු වුනේ නෑ..
      ස්වාධින අදහස් වලට ගරු කරමි :)

      ReplyDelete
    5. මම නම් අයැදුම් කරේ නොමැත
      දැන් ඔය සම්මාන හම්බවුනු අයට මුදල් තාග්‍ය එහෙම හම්බෙනවද?

      ReplyDelete
    6. අයදුම් කලා...
      තරගයක් බව දන්න නිසා මුකුත් කියන්නෑ...

      ReplyDelete
    7. අයදුම් කළා. ඒ එක්කම දැක්ක වැරදි ටික ලිව්වා. අඩුපාඩු පෙන්වා දීම අපේ යුතුකමයි. ඒවා හදාගෙන පෙරට යාම ඔවුන්ගේ වගකීමයි..

      මගේ විශ්වාසය ඔවුන් වැරදි හදාගනීවී යන්නයි.

      ReplyDelete
    8. දිනපු කෙනෙක් නිසා, වැඩි විස්තර මෙතන කියන එක හොද මදි. කොහොම වුනත් මේ ගැන ක්සැන්ඩර් ලියපු ලිපිය ඇතුලෙත් ඉදිරිපත් වුන කමෙන්ට්වලත් අවශ්‍යය කරුණු ගැන තියනවා නේද?

      ReplyDelete
      Replies
      1. කිසිත් නොකියමි.The Modern Patriot නමින් අනෙත් ලිපිවල පළවූ අදහස් කියෙව්වෙමි.

        Delete
    9. බ්ලොග් කරනයට නවක මා මේ ගැන කියන්න යන එක අසාධාරනයි කියලා හිතෙනවා
      http://samakayawate.blogspot.com

      ReplyDelete
      Replies
      1. නලීන්, අලුත් පරණ කියලා හිතන්න එපා. එහෙම භේදයක් මේ කොහෙවත් නෑ. ඒ හින්දා කතා කරන්න තියේ නම් කතා කරන්න.

        Delete
    10. හැමෝම හැමදේම කියනා නිසා මා මුකුත් නොකියමි.

      ReplyDelete
    11. බ්ලොග් ලොවට අලුත්මි. නොදන්නා දේවල් වලට හොට නොදා සිටිමි.

      මේ පැත්තේ ආවේ අද ජය වේවා!!!!!

      ReplyDelete
    12. මමනං හිතන්නෙ සයිට් එකේ හිට්ස් වැඩිකරගන්න බලාගෙන කරපු වැඩක් කියලා

      ReplyDelete
    13. සම්මාන දුන ආකාරය ලේඛකයා හෙලා දකින අතර පහත දැක්වෙනුයේ මාගේ අදහස අනුව සම්මාන හිමිවිය යුතු ආකාරයයි.

      නිර්මාණශීලී බ්ලොග්කරණය - සෑම්
      පර්යේශණාත්මක හා විවරණශීලී බ්ලොග් - තරියා
      කාන්තා බ්ලොග්කරණය - මහදුරු බිරිඳ
      අව්‍යාජ ආත්මකතනය - ක්සැන්ඩර්
      ‍රැඩිකල් බ්ලොග්කරණය - මානවක
      අධ්‍යාපණික බ්ලොග්කරණය - රොබින්

      අනිකුත් බ්ලොග් සියල්ල පරිසාධන මට්ටමට ලඟවී නැත.

      ReplyDelete
      Replies
      1. මේක හොදයි බ්ලොග් මොන්ටිසෝරියක තෑගි ප්‍රදානෝත්සවයකට... කබ්බ ගෲප් එකෙන් විතර ක්ගොඩ යයි වගේ... මචන් කබ්බා.... අඩු ගානෙ පෝස්ට් එකකට කමෙන්ට් 25ක් වත් ගන්න බලපන්.. නැත්නම් වහලා දාලා අතේ පාරක් ගහගෙන ගෙදරට වෙලා පාඩුවේ වැඩක් බලාගනින් මචන්...

        Delete
      2. උඹ කිවුව නිසාම ඌ අන්න බ්ලොගේ වහල අතේ ගහනවලු

        Delete
    14. ane manda banz...
      mamath media porak
      matath eka nisa mukuth kiyanna ba..

      dinapu ayata sammana hamba unada..?

      ReplyDelete