Saturday, July 28, 2012

පොරත්වය , නිර්මාණශීලිත්වය සහ සමනලයාට වෙඩි නොතැබීම


කබ්බාට කෙසේවත් කට තබාගෙන සිටීමට බැරිය.සිතෙන්නේ හැම තැනකටම හොස්ස දාන්නටය.ඒ සේ හොස්ස දමමින් යන අතරේ එකතාර ආන්දෝලනාත්මක බ්ලොග් අඩවියක පලවී  තිබුණු ලිපියක් කෙරෙහි කබ්බාගේ අවධානය යොමුවිය.
කබ්බා යනු තවත් එක කුණු අවුස්සන්නෙකු නොවන නිසාවෙන්...( උවමනා නොවේ )


දිගම දිග කෙටි කථාවක්.....

මෙහිදී රචකයා විසින් සමාජයේ වඩාත් කතාබහට ලක් නොවන,එනමුත් සත්‍යාසන්න යථාර්ථයේ සංවාදයක් සඳහා සිත පොලබවන සහ බහුතරයක් මිනිසුන් විසින් පිළිකුල් සහගත දෙයක් ලෙස මුනිවත රකින මාතෘකාවක් තමන්ගේ වස්තු බීජය ලෙස යොදාගෙන තිබේ.මා ඒ ලිපිය විචාරය කිරීමට යන්නේ නැත.නමුදු පාටකයන්ගේ සුභ සිද්දිය උදෙසා මා හැඟි කොටස් කීපයක් උපුටා දක්වමි.

"කොල්ලා සිමෙන්ති බංකුවට පිට දීලා හිටියට වඩා හිටියේ ඇලවිලා.කෙල්ල කොල්ලගේ මුළු ඇගටම බර වෙලා.කෙල්ල කොල්ලගේ දණ හිස ඉදහිට මිරිකුවා.ඌ මාර පොරක්නේ..සිරිසේනට එහෙම හිතුනේ කොල්‍ලා කෙල්ලගේ මිරිකිල්ලට දශමයක්වත් ගැස්සුන බවක් පෙන්නපු නැති නිසා."

"ක්ලිනික් එක දවසට සිරිසේන අත්තම්මාව ඉස්පිරිතාලෙට අරන් ගිහින් තවත් නාකි උන්දැලා ඉදන් ඉන්න බංකුවක ඉන්දලා යනවා.අත්තම්මා හරි ආසාවෙන් ඒ නාකි උන්දලා එක්ක ඕප දූප කථා කරේ.සිරිසේන කරන්නේ එහාට මෙහාට ඇවිද ඇවිද නර්ස් නෝනා ගැන විපරම් කරන එක"

"අරගෙන යන්න කියලා හරියමන් පිළිවෙල ඇදුමක් තිබුනෙ නැති නිසා ලොකු අක්කා ටවුමට ගිහින් ඇදුමක් අරන් සිරිසේනට දුන්නා.දිලිසෙන කළු පාට දිග කලිසමකුයි තද කොළ පාට අත් කොට කමිසයකුයි.‍කමිසේ කොළ පාට දිහා ටිකක් වෙලා බලන් හිටියහම ඇස් දෙක නිලංකාර වෙනවා."

"දවසක් සිරිසේන සුදු මහත්තයාගේ මූණටම නාකි මිනිහෝ උඹ මහ වනචර බල්ලෙක් කියලා සිංහලෙන් හිනාවෙලා කිව්වා.සුදු මහත්තයා කලේ සිරිසේනව තවත් තුරුළු කරගත්ත එක."

ඉහත මා උපුටා ගෙන ඇත්තේ ලිපිය කියවද්දී මා මනසේ නොමැකෙන අන්දී ගිය රූප  සමුදායන් සඳහා උත්තෙජයන් වුන කොටස් කිහිපයක් පමණි.නමුදු කබ්බාගේ සිත් ගත් රචකයා විසින් ලයාන්විතව උද්දීපනය   කරන කොටස නම්

"අපි රැල්ල පාගමු..... මිනෝලි සිරිසේනගේ අත්ල සිපගත්තා.."

කබ්බට මෙම වචන සිහිකර දෑස වසා ගන්නා විට සයුරු වෙරළක තරුණයකුගේ අත්ල සිපගන්නා යුවතියකගේ සොඳුරු දර්ශනය මැවී පෙනේ.

ප.ලි - කබ්බා විසින් මෙම ලිපිය සටහන් කරන්නේ කුහකත්වයෙන් තොරව නිර්මාණශීලිත්වය අගය කිරීමක් වෙනුවෙනි.මෙහිදී රචකයාගේ නිර්මාණශීලිත්වය මිස පෞද්ගලිකත්වය ගැන සැලකිල්ලක් දක්කව නොමැත,මෙම ලිපිය දැමීමට තවත් හේතුවක් නම් සද්භාවයෙන් යුතුව නිර්මාණය අගය කරන්නන්ට එහි තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමට ඉඩක් නැති නිසාත් , මා හැගී ලිපියක් අනෙකුත් බ්ලොග් පාටකයන් අතරේ බෙදා ගැනීමට තරම් පුංචි නිහතමානී  කමක් කබ්බාගේ මනසේ තවමත් ඉතිරි වී ඇති නිසාත්ය.කරුණාකර නිර්මාණ ශීලිත්වය පමණක් රස විදින්න.පෞද්ගලිකත්වය අදාළ කර නොගන්න ...

ප.ප.ලි -එක මුසලයෙක් හරි මේකේ කුණුහරප ලිව්වොත් මකනවා එවලේම.ඒ උගේ අම්මත් සිහි කරන ගමන්. 

 

4 comments:

  1. ayye oyat kunuharapa liyannatuwa hoda post tikak liyanna.ethakota oyage blog ekath hoda tanakata ewi.mama kiwwe mata hituna widiya.taraha giyanam sorry hode........

    ReplyDelete
    Replies
    1. ada liyala tiyena ekanam kamakne.oita issellan liyapu ewanam kisi wadakne.

      Delete
  2. මමත් දැඩි සේ අගය කරන ලිපියක්....

    ReplyDelete
  3. එකේ ලින්කුවත් දැම්මා නම්?

    ReplyDelete